(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය , ඉඟුරුඔය මාපකන්ද ප්‍රදේශය හරහා මහවැලි ගඟට ජලය ගලා බසින ප්‍රධාන අතුශාඛාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී මියගිය ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හැටන්හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් (13) හැවිරිදි අයෙකු සහ මොහොමඩ් මුත්තාර් (42) නැමැති අයෙකි.
ජිවිතක්ෂයට පත් වු තරුණයන් දෙදෙනා ඥාති පිරිසක් සමග ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී තරුණයන් තිදෙනෙක් ජලයේ ගිලි ඇති අතර ඉන් එක් තරුණයෙක් බේරා ගැනිමට ඔහුන්ගේ ඥාතින් සමත් වී තිබේ.
අද (22) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වි ඇති අතර මිය ගිය තරුණයන්ගේ සිරුරු එම ඇළේ තිබී නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව ගොඩගෙන නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරිරාගරයේ තැන්පත් කර ඇත.
ජිවිතක්ෂයට පත් තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 04
331
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට