IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35 ක හොරකමක පාපොච්චාරණයක්

(එච්.එච් ධර්මපාල)

ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී  ලක්ෂ තිස්පහකට ආසන්න දේපල හා මුදල් සොරකම් කළ බවට සිදුකළ පාපොච්චාරණයක් ඔස්සේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලක්ෂ විසි පහකට ආසන්න මුදල් සහ දේපල සොයා ගැනීමට හැකි වූ බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පැවැසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව එම ඒකකය පැවැසීය.

සෝදිසි මෙහෙයුමේදී විදුලි උපකරණ, රන් භාණ්ඩ , පාපැදී , ත්‍රී රෝද රථ අමතර කොටස් ,ජංගම දුරකථන , ලැප්ටොල්,ගෑස් සිලින්ඩර් සහ මුද්‍රා නොකැඩූ තීන්ත බාල්දී ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයා ගල්කිස්ස , රත්මලාන , දෙහිවල , මහරගම , පිළියන්දල, පාදුක්ක , පානදුර ගෙවල් බිඳුම් රාශියක් සිදුකර ඇති බවත් රාගම , ගම්පහ ප්‍රදේශයේ ගෙවල් සහ ව්‍යාපාරික ස්ථාන තිස් පහකට ආසන්න ප්‍රමාණයක් බිඳ සොරාගත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය  පැවැසීය.

නිවෙස් වලින් සොරාගත් භාණ්ඩ දෙහිවල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කීය.

 



අදහස් (0)

ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35 ක හොරකමක පාපොච්චාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 310 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site