(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
විදුහලේ දැනට පවතින උග්‍ර ගුරු හිඟයට වහාම පිළියම් ලබා දෙන්නැයි ඉල්ලා තලවකැලේ සුමන ද්විතීක පාසලේ දෙමාපියන් පිරිසක් අද (10) විදුහල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුහ.
සුමන ද්විතීක පාසලේ 6 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති ඇති බවත් එහෙත් විදුහලට අවශ්‍ය තරම් ගුරුවරුන් මෙන්ම ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිවීම නිසා විදුහලේ ඉගෙනුම ලබන තම ළමුන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමාපියෝ පැවසුහ.
2012 වසරේ සිටම උසස් පෙළ වාණිජ්‍යය විෂය ඉගැන්වීමට ස්ථිර ගුරුවරයකු නොමැති බවත් මීට වසර තුනකට පෙර විදුහලට පැමිණි තාක්ෂණ විෂය හා ශිෂ්‍ය භට කාණ්ඩය භාර ගුරු මහතා ද පසුගියදා ස්ථාන මාරු ලබා විදුහලෙන් පිටව ගොස් ඇතැයි දෙමාපියෝ කියති.
නානුඔය, රදැල්ල, පාමස්ටන්, ලිඳුල, ඩයගම, ආගරපතන, බෝපත්තලාව, මන්රාසිය, මෙරායා, ඇල්ජින්, නාගසේන, රහන්වත්ත, වටගොඩ, පතන, බෝගහවත්ත, වැනි බොහෝ ඈත ප්‍රදේශයන්ගේ සිට මෙම විදුහලට ළමුන් විශාල පිරිසක් පැමිණෙන බවත්, තලවකැලේ ආශ්‍රිත පවතින ප්‍රධාන විදුහලක් ලෙස සුමණ ද්විතීක පාසල නමක් දිනා සිටින පාසලක් බවත් දෙමාපියන් කියති.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ උද්ඝෝෂණයක