(රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මවුස්සාගල විද්‍යාලයට ගුරුවරයකු ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු සමග එම විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් සහ සිසුහූ පිරිසක් අද (13) මාතලේ කලාප අධ්‍යාපන කාර්යාල භුමියේ බිම වාඩි වී විරෝධතාවක නිරතවුහ.
මවුස්සාගල ප්‍රාථමික විද්‍යාලයට ද්‍රවිඩ මාධ්‍ය නවක ගුරුවරයකු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම විද්‍යාලයට පත්කරනු ලැබ ඇති බවත් එම ගුරුවරයා එක් දිනක් පමණක් එම විද්‍යාලයේ සේවය කර නගරයට ආසන්න විද්‍යාලයකට ස්ථාන මාරුවක් ලබාගෙන ගිය බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
මෙම විද්‍යාලයේ සිසුන් 19 දෙනකු අධ්‍යාපනය ලබන බවත් පන්ති පහටම එක ගුරුවරයකු පමණක් සිටින නිසා මෙම සිසුන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවත් එම විරෝධතාවට එක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් සිවඥානම් මහතා පැවසීය.
තව ගුරුවරයකු ලබාදෙන තුරු මෙම විරෝධතාව පවත්වන බවත් ඒ මහතා කීය.
මේ පිළිබඳ මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතාගෙන් විමසීමේදී පැවසුවේ මෙම විරෝධතාවට තමන්ට කිසිවක් කළ නොහැකි බවත් නවක ද්‍රවිඩ මාධ්‍ය උපාධිධාරී ගුරුවරුන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්කර ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් තමා වෙත කිසිදු දෙමාපියකු දැනුම් නොදුන් බවත් ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරුවරයකු ඉල්ලා මාතලේ විරෝධතාවක්