බිඟුන් මේනක ගමගේ
බිබිල ඉළුක්කැපූතැන්න කණිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියට ගුරුවරයකු නොමැතිවීමෙන් පාසල් දරු දැරියන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් පියකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.
බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියත් ඉළුක්කැපූතැන්න කණිටු විදුහලේ විදුහල්පතිනියත් වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් මවුපියන් එක්ව සාමකාමී විරෝධතා හා සාකච්ඡා පවත්වමින් කොතෙක් ඉල්ලීම් කළත් පලක් නොවී යැයි ද එමනිසා මෙසේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මවුපියන් බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය මුණගැසී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළේ යැයි ද එහිදී ඇය ඊට පිළියම් යොදන්නට පොරොන්දු වුවත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් මේවාට විසදුම් නොදී අහිංසක ළමයින්ට තියෙන ශිෂයත්වෙත් නැතිකරලා දාන්නයි රටේ ලොක්කන්ගෙ කතාව!