IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ග්‍රාම නිලධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලයි

(මොහොමඩ්  ආසික්)

කොවිඩ් 19 වයිරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන්  තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන්  රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී  ග්‍රාම නිළධාරින් විවිධ  පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
 
ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් කිහිප දෙනෙකුම ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්ව ඇති බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා තම සංගමය මගින් අගමැති ලේකම්තුමන් වෙත ලිපියක් යොමු කළ බවයි.
 
මෙම  රුපියල් 5000 දීමනාව ගෙවීමේදීි , ග්‍රාම නිළධාරින්ගේ ජීවිත ආරක්ෂාව, ඔවුන් සතුව පවතින මුදල්වල අආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සඳහාද සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද කොඩිකාර මහතා  කිය.



අදහස් (0)

ග්‍රාම නිලධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site