සුජිත් හේවාජුලිගේ
කොළඹ ග්‍රෑන්ඩ්පාස් දොස්තර බබාපුල්ලේ මාවතේ පෞද්ගලික ආයතනයක තාප්පයක් කඩා වැටීමෙන් මියගිය 7දෙනා වෙනුවෙන් සිද්ධිය වී මාස හතරකට වැඩි කාලයක් ගත වෙලත් කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි පවසමින් මියගිය අයගේ පවුල්වල ඥාතීහූ පිරිසක් ඒ ආයතනය ඉදිරිපිටදී අද (14) උද්ඝෝෂණයක නිරත වූහ.
මියගිය අය වෙනුවෙන් මෙතෙක් සත පහක වන්දියක් ලැබී නැතැයි පැවසු ඒ පවුල්වල ඥාතීහු පොලිස් පරීක්ෂණ ද සාධාරණ අයුරින් ක්‍රියාත්මක නොවු බවට චෝදනා කළහ.
මියගිය බොහෝ දෙනා දුප්පත් අය බවත් සිද්ධියෙන් අද ඒ පවුල් අසරණවී සිටින බවත් ඔවුහු පවසති. මියගිය අයගේ පවුල්වල ඥාතීහූ ‘‘මියගිය අයට වන්දි කෝ‘‘ ‘‘ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න‘‘ ‘‘සේවකයන්ගේ මරණය ගැන අපට සැකැයි‘‘ ‘‘ පොලිසි පරීක්ෂණ ප්‍රමාද ඇයි‘‘ යනාදී පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු ග්‍රෑන්පාස් පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දැනටමත් කරගෙන යන බවයි. මියගිය අය වෙනුවෙන් වන්දි මුදලක් දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
ඡායාරූප - ශාන්ත රත්නායක




2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ උද්ඝෝෂණයක්