(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ළිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර තිබු තාවකාලික මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ළිදුල පොලිසිය කියයි.
පාසල් නිමවීමෙන් පසු පැමිණි සිසුන් දෙදෙනා තම නිවසේ මුළුතැන්ගේ තුළ ආහාර ගනිමින් සිටියදි එම මුළුතැන්ගේ පැති බැම්මක් ඔවුන් මතට කඩාවැටි ඇති බවයි පොලිසිය පවසයි.
කඩා වැටුණු බිත්තියට යට වි සිටි පාසල් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන ළිඳුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd