IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ගැමිදිරිය’ මග නැවතීමෙන් අඩු ආදායම් ලාභීන් අසරණයි

(අජිත්ලාල් ශාන්තඋදය)

අඩු ආදායම්ලාභී ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් ඔවුන් ජීවත්වන ප‍්‍රදේශවල පොදු මූලික අවශ්‍යතා සපුරාලීමේත් අරමුණු ඇතිව පිහිටවූ ‘‘ගැමිදිරිය’’ ව්‍යාපෘති මීට වසර තුනකට පමණ පෙර හිටි හැටියේ නවතා දැමීමෙන් පසු ජනතාවගේ තැන්පත් මුදල් ඇතුළු සෙසු පහසුකම් නැවත ඉල්ලා කළ සියලූ ප‍්‍රයත්නයන් මේ වනවිට බලධාරීන් විසින් අමතක කර දමා ඇතැයි ‘‘ගැමිදිරිය’’ ක‍්‍රියාකාරීහූ පවසති.

ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස මෙම ‘‘ගැමිදිරිය’’ ව්‍යාපෘතිය මුලින් ම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතා පහළ මට්ටමක පැවති පළාත් සහ දිස්ත‍්‍රික්ක ඉලක්ක කරගෙන ආරම්භ විය. ලෝක ජනගහනයෙන 17%ක ඒක පුද්ගල දෛනික ආදායම ඇමරිකා ඩොලර් 1.25ට වඩා අඩුවීම සැලකිල්ලට ගෙන ලෝක බැංකුව තුන්වැනි ලෝකයේ රටවල් වලට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබීය.

විරැකියාවෙන් යුතු ග‍්‍රාමීය ජනතාවට ස්වයං රැකියා අවස්ථා සලසා ගැනීම, නිෂ්පාදන ආර්ථික රටාවක් ඇති කරගෙන වැඩි ඉල්ලූමක් ඇති භාණ්ඩ ගෘහස්ථ මට්ටමින් නිෂ්පාදනය කිරීම, සේවාවන් සැපයීමෙන් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය නැංවීම මෙහි පරමාර්ථයන් විය.

ඒ සදහා ජනතාවගේ සහභාගිත්වයෙන් යුතුව ඉතුරුම් සහ ණය ක‍්‍රමයක් අරඹා ඉතිරිකිරීම හුරුකර සාමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන සැලසුම් තෝරාගෙන අඩු පොලියට සහ හීනවීමේ ශේෂය මත පොලී අයකර ණය ද ලබාදුන්නේ ය.

එසේම ගමේ පොදු අවශ්‍යතාවන පාරවල්, සුලූ වාරිමාර්ග, පානීය ලිං සැකසීම, විදුලි බලය ලබාගැනීමේ ක‍්‍රම, බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීම වැනි පොදු වැඩ ද සිදුවිය. ඒවා සදහා 80%ක මුදල් ව්‍යාපෘතියෙන් ද, 10%ක් ජනතා මුදල් ද, 20%ක් ජනතාවගේ ශ‍්‍රම සහභාගිත්වයෙන් යුතුව ද නිම කැරිණි.   



අදහස් (0)

‘ගැමිදිරිය’ මග නැවතීමෙන් අඩු ආදායම් ලාභීන් අසරණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site