IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගමට ගෙයක් - රටට හෙටක් ගිරිබාවෙන් ඇරඹේ

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )

ගමට ගෙයක් - රටට හෙටක්  ජාතික වැඩසටහන අරඹමින්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අසරණ පවුලක් වෙනුවෙන් ගිරිබාවේ ඉදිවෙන පළමු නිවසේ වැඩ ආරම්භ කිරීම අද (01) සිදුකෙරිණි.

මෙම නව නිවස ඉදිවන්නේ, ගිරිබාව නිරාවේරිය ප්‍රදේශයේ  ස්ථිර නිවසක් නොමැතිව  පැල්පතක ජීවත්වෙන අසරණ පවුලක් වෙනුවෙනි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිලිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ වැඩසටහන ගිරිබාවෙන් ආරම්භ කරණ ලදුව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාශ වල ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අගමැති මහින්ද රාජපක්ෂ, මහා මාර්ග, වරාය, නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුන් සහ මැතිඇමති වරුන්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලුව විශාල පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (2)

ගමට ගෙයක් - රටට හෙටක් ගිරිබාවෙන් ඇරඹේ

pradeep Saturday, 01 February 2020 02:21 PM

නැති බැරි අයට ගෙයක් නිකන් දෙන ගමන් අදායම් මාර්ගයක් හදාගන්න මග පෙන්වන්න. එක ගෙයක් හදලා දෙන්න ලොකු පතරංග ඵලකයක් හදන්න අවශ්‍යනැහැ .මැති ඇමති ගොඩක් වාහන වල ඔතන යන්න දෙයක් නැහැ . දේශපාලනයේ ලකුණු රැස්කිරීම ගැනමයි කවුරුත් හිතන්නේ . නාස්තිය අවම කරන්න බැලුවනම් තමා වටින්නේ.

:       0       0

lanka01 Sunday, 02 February 2020 09:19 AM

අර අපිට දෙනවා කියපු සහන මල්ල අපිට ලැබෙන්නේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site