(නිමල් ජයරත්න)
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පොතෙහි සටහන් යොදා වැලිකන්ද පොලිසියෙන් බැහැරව ගිය පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු පිස්තොල දෙකක්, උණ්ඩ 18 ක් සහ මෝටර් රථයක් සමඟ අද (15) සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කල්මුණේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම රථ වාහන පොලිස් නිලධාරින් දෙදෙනා සිවිල් ඇඳුමින් සිට ඇති අතර ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම රථවාහන පොලිස් නිලධාරින් දෙදෙනා අද උදැසන පොලිස් පොතෙහි සටහන් යොදා පිටව ගොස් ඇත්තේ වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේ පදිංචි වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන බව සටහන් කරමිනි.
සිංහපුර ප‍්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන බව පවසා පොතෙහි සටහනක්ද යොදා සිවිල් ඇඳුමින් සැරසි පිස්තෝල දෙකක්ද සමඟ මෝටර් රථයකින් කල්මුණේ ප‍්‍රදේශයට පැමිණීමට හේතුව කුමක්දැයි සොයා බලන බව අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
වැලිකන්ද පොලිස් ස්ථාධිපතිවරයා පැවසුවේ එම සිද්ධිය පිළිබඳව මේ වන විට පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණ කටයුතු අරම්භ කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්පාර විශේෂ කාර්ය බලකාය සහ වැලිකන්ද පොලිස් ස්ථානය එක්ව සිදු කරන බව එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවි 2 ක් - උන්ඩ 18 ක් සමඟ පොලිස් නිලධාරීන් 2 ක් අත්අඩංගුවට