IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනි අවියක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව ස්මයිල්පුරම් රෙඩ්බානා ප්‍රදේශයේ  නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලිසියට භාර දී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරියකු වන අතර මොහු අපරාධ රැසකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායම සැකකාර ව්‍යාපරිකයාගේ නිවස  සෝදිසි කළ අවස්ථාවේදී ජීව පතොරම් තුනක් , ඉයම් බොල හා බද පටියක් සොයා ගෙන ඇති අතර ගොනියක බහා ඉඩම පිටුපස රහසිගතව සඟවා තිබූ බෝර 12 ගිනි අවියක්ද සොයා ගැනීමට නාවික හමුදා නිලධාරින් සමත්වී තිබේ.

ව්‍යාපාරිකයා හා ගිනි අවිය ඇතුළු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

ගිනි අවියක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 607 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site