(දිලීප් ජයසේකර)
හම්බන්තොට ගොන්නොරුව පාරේ පහළ අන්දරවැවදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙකු සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ පහළ අන්දරවැව ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පහළ අන්දරවැව ප්‍රදේශයේ හේන් ගොවිතැන් කටයුතු වල නියැලෙමින් සිටින අතරවාරයේ රාත්‍රී කාලයේ දඩයමේ ගොස් ඇති බවයි මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරු පහළ අන්දරවැව ඇතුළු අවට ප්‍රදේශ වලට දඩමස් සැපයු ප්‍රධාන ජාවාරම්කරුවෙකු බව පොලිසිය පැවසීය.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට භාර දී ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට