(ඩී.කේ.රත්න)
තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමඟ තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැව ප‍්‍රදේශයේ නිවසක ගිනි අවියක් සගවා ඇති බවට තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවසේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබචව පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
588
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවියක් සමඟ තණමල්විලදී අයෙක් අත්අඩංගුවට