(කරාපිටිය- ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 2ක් සමග පුද්ගලයෙක් වංචාවල මැලෑගොඩදී සැකපිට අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය කියයි.
30 හැවිරිදි මෙම පුද්ගලයා සතුව ගිනි අවියක් ඇතැයි පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව ඔහුගේ නිවස තුළ සඟවා තිබියදී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.
මෙම ගිනිඅවිය යම්කිසි අපරාධයක් සඳහා යොදා ගැනීමට සූදානම්ව සිටියේ දැයි සොයා බැලීමට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ගිනිඅවිය සහ උණ්ඩ දෙක අද (05)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd