(ඞී.කේ.රත්න)
බිබිල මැදගම කින්නරාබෝව ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව මැදගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම කින්නරාබෝව පියාවින්න පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
කින්නරාබෝව පියාවින්න ප‍්‍රදේශයේ පුද්ගලයෙකු නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කරන බවට මැදගම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මැදගම පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd