(අනීෂා මානගේ)
ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් 12 ක් නිවසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු අද (17) අත්අඩංගුවට ගත්බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික් වාර්තාගත විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ මර්ධනය සඳහා අඟුණකොළපෑලැස්ස පොලිසියේ පිහිට වූ ඒකකයේ නිලධාරීන් මෙම වැටලිම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය කැප්පෙටියාව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හක්මන ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන්නෙකු බව පොලිසිය පැවසීය.
සැකකරුගේ නිවෙසෙහි සඟවා තිබූ බව කියන ටී 56 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , බෝර දොළහ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ටී56 වර්ගයේ ජීව පතුරොම් දෙකක්, 84 එස් වර්ගයේ ජීව පතුරොම් දෙකක් සහ බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් අටක් පොලිස් භාරයට ගෙන තිබිණ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනිඅවි 2 ක් සමඟ ලංගම සේවකයෙක් අත්අඩංගුවට