(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් .චාමින්ද)
උඩුගම හෝමදොලවත්ත කොතලාවල ප්‍ර දේශයේ දි විදේශිය රටක නිෂ්පාදිත බෝර දොළහේ ගිණි අවියක් ,පතෙරොම් ගැබක් හා යතුරු පැදියක් පොලිස් භාරයට ගත බැව් උඩුගම පොලිසිය කියයි.
උඩුගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් හොමදොළ ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රි මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටියදි යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ තිබේ. පොලිස් නිලධාරින් විසින් යතුරු පැදිය පරික්ෂා කිරිමට සුදානම් වෙද්දිමොවුන් යතුරුපැදිය දමා පලාගොස් ඇත.
පසුව යතුරු පැදිය පරික්ෂා කිරිමේ දි විදේශිය රටක නිෂ්පාදිත බොර් 12 ගිණි අවිය හා පතොරම් ගැබ හමුවි ඇත. සැකකරුවන් දෙදෙනා හදදුනාගෙන ඇති අතර මොවුන් දඩයමේ යන අය බව පරික්ෂණ වලදිඅනාවරණය වි ඇත.
උඩුගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd