ජයරත්න වික්‍රමාරච්චි
දඩයම් කරන ලද මුවෙකුගේ ශරීර කොටස් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නවගත්තේගම රජවිගම නිකවැව රක්ෂිත ප්‍රදේශයේ දී අද (7) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
මෙහිදී සැකකරුවන් සමඟ මුව මස් කිලෝ 6ක්, මස් කරන ලද මුවෙකුගේ හිස කොටස සහ තුවක්කුවක් හා බදින තුවක්කු 2ක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් නෙළිවැව හා උස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මොවුන් වන සතුන්ගෙන් වගාවන් ආරක්ෂා කරන මුවාවෙන් එම සතුන් දඩයමේ යෙදී ඇති බවට සැකකරන බවත් පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ අදාළ ගිනිඅවි සහ මුව මස් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.