IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින්

(මොහොමඩ් ආසික්)

විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බව අගවමින් හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලබාගැනීමට ඇති බව පවසා මුදල් සහ රන් භාණ්ඩ වංචා කිරීමේ ජාවාරමක් කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක බව කටුගස්තොට පොලීසිය කියයි.
 
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට මෙවන් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බවත් වෙනත් පොලිස් බල ප්‍රදේශවලත් මෙවන් වංචා සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් මෙවන් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටින පොලිසිය මෙවන් පුද්ගලයන් නිවසට පැමිණියහොත් වහාම පොලීසිය වෙත දන්වන ලෙසද ඉල්ලා සිටී.

රජයේ විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස් හඳුනා ගෙන මොවුහු එවන් නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බවත් රුපියල් ලක්ෂ හතරක පමණ හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලැබී ඇති බවත් එය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් පුරවා ගැනීමට පැමිණි බවත් පවසති.

මින් සතුටට පත් අදාළ කාන්තාවන් ඉල්ලුම්පත් පිරවීමට අවශ්‍ය සහාය ලබා දෙන අතර මෙම මුදල ලබා ගැනීම සඳහා ඇපයක් වශයෙන්  මුදල් හෝ රන් භාණ්ඩ තැන්පත් කළ යුතු බවත් ඒ සදහා නිවසේ මුදල් හෝ යම් රන් භාණ්ඩයක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් මෙම වංචාකරුවෝ ඉල්ලා සිටිති.

එය හිඟ වැටුප් මුදල් ලබා ගන්නා අවස්ථාවේ නැවත ලබා දෙන බවද ඔවුහු පවසති.

තමන්ට ලැබීමට නියමිත මුදල  ගැන කල්පනා කරන වයෝවෘද්ධ කාන්තාවන් දෙවරක් නොසිතා නිවසේ  තිබෙන රන් ආභරණ ඔවුන්ට ලබාදෙන බවත් ඒ අනුව එම රන් ආභරණ හෝ මුදල් ලබා ගන්නා  මෙම වංචාකරුවන් මෙම කාන්තාවන්ට බැංකුවට පැමිණෙන ලෙස දන්වා එම ස්ථානයෙන් ක්ෂණිකව ඉවත්ව යන බවත් පොලිසිය කියයි.



අදහස් (0)

ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site