( මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල සිල්වත්ගල මහා විදුහලේ ගණිත ගුරුවරයා හදිසියේ මාරු කිරීමට විරෝධය දක්වා පාසල් සිසුන් හා මව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට අද (03) උදෑසන විරෝධතාවක නිරත වුහ.
ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ සිල්වත්ගල මංසන්ධිය මාර්ගය අවහිර කරමින් ගුරුවරයා නැවත පාසලට ලබා දෙන මෙන් අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් සිසුන්ගේ මව්පියන් හා සිසුන් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
පාසැල් ළමුන් දෙමාපියන් සිය විදුහල ඉදිරිපිට වු ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගය අවහිර වන සේ සිටිමින් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කියා සිටියේ විදුහලේ සිටි ගණිත ගුරුවරයා හදිසියේම වෙනත් විදුහලකට මාරු කිරිම නිසා විදුහලේ සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බලපෑමක් ඇති වන බවයි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් ගලේවෙල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනය මුළු මනින්ම ඇන හිටි අතර පසුව ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානආරච්චි මහතා මැදිහත්ව මව්පියන් හා සාකච්ඡා කර එම තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.
අනතුරුව ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම ස්ථානයට පැමිණ සහකාර අධ්‍යක්ෂකවරයා මව්පියන්ට මේ පිළිබඳව පැහැදිළිකර දී සාධාරණ විසඳුමක් ලබා දෙන බව පැවසීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.

2025 නොවැම්බර් මස 21
111
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
196
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1059
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගණිත ගුරුවරයා ඉල්ලා ගලේවෙල පාසලක විරෝධතාවක්