IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගැට කිඹුලා බුන්දල ජාතික උද්‍යානයට

 

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගිංතොට මෝය කටේ සිටියදී හමුවූ ගැට කිඹුලා  සිය  ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා  මුහුදු හරහා සංක්‍රමණය වන්නට ඇති බව හික්කඩුව ජාතික උද්‍යානයේ භාරකරු උත්පල දාරංග මහතා පවසයි.
 
මෙම ගැට කිඹුලා දිගින් අඩි 14ක් හා අගල් 03කින් යුත් විශාල ගැට කිඹුලකු බව සඳහන් කළ උත්පල දාරංග මහතා මෙම සතා බුන්දල ජාතික උද්‍යානයට මුදාහැරීමට රැගෙන ගිය බව සඳහන් කළේය.
 
ගැට කිඹුලා ගංගාවකින් මෝය කට වෙත පැමිණ මුහුද හරහා තවත් මෝය කටක් වෙත  සංක්‍රමණය වන බවත් වසරේ කාලයකට මෙය සිදුවන බවත් හෙතෙම පවසයි.
 
මේ පිළිබඳ අදහස් දක්වමින්  උත්පල දාරංග මහතා මෙසේද කීවේය.
 
    ‘‘ගැට කිඹුලා මුහුද සමඟ සම්බන්ධ වෙලා තමයි  නිතරම ඉන්නේ.මෙක සාමාන්‍ය දෙයක්.  ගැට කිඹුලන් ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා විටින් විට මුහුද හරහා ගමන් කරනවා.
 
ඇත්තටම මේ සතා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ජනතාවගේ මැදිහත් වීම නිසා සතාගේ ආරක්ෂාව වෙනුවෙන් බුන්දල ජාතික උද්‍යානයට රැගෙන ගියා. මේ සතා ගිංගඟේ තමයි ඉන්න ඇත්තේ. මිනිසුන් දැල් දමා සතා අල්ලා තිබුණා.
 
විශාල වර්ගයේ කිඹුලන් සංක්‍රමණය වන්නේ ආහාර අවශ්‍යතාවයට වඩා ප්‍රජනන අවශ්‍යතාවයන් සඳහා බව තමයි නිරික්ෂණවල දී දැක ගතහැකිවෙලා තියෙන්නේ  යැයි ද හික්කඩුව ජාතික උද්‍යානයේ භාරකරු උත්පල දාරංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගැට කිඹුලා බුන්දල ජාතික උද්‍යානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site