(රවින්ද්‍ර ලියනගේ)
මෝටර් රථයකින් ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා භටයකු ඇතුලු දෙදෙනකු වයික්කාල ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හලාවත කොට්ඨාශයේ විෂමත් ද්‍රව්‍ය ඒකකයට ලැබුනු තොරතුරක් අනුව අද(17) දහවල් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකු පදවිය ශ්‍රිපුර යුද හමුදා කදවුරේ සේවය නියුතු සෙබෙලෙකු වන අතර මොවුන් දඹුල්ල ප්‍රදේහයේ පදිංචි අවුරුදු 39 හා 34 වයසේ දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.
ගංජා තොගය වෙන්නප්පුව ප්‍රදේහයේ පුද්ගලයකුට බාරදිම සදහා දඹුල්ලේ සිට පැමිණ ඇති බවට අනාවරණය වි තිබේ.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා වෙන්නප්පුව මුලස්තාන පොලිසිය බාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd