(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)    
    
පල්ලම හා තිඹිරිගොල්ල ප්‍රදේශයන්හි ගැවසෙමින් නීතියේ රැහැනට හසු නොවී දීර්ඝ කාලයක සිට කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 65හැවිරිදි කාන්තාවක් අද ( 3දා ) කුඩා ගංජා පැකට් 36 ක් සමග අත්අඩංගුවට ගත හැකිවු බව පල්ලම පොලිසිය කියයි.

පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මැය කාලයක පටන් ගංජා අලෙවි කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබුණු නමුත් ඇය නීතියේ රැහැනට කොටු කරගත නොහැකිව තිබුණි.

‍ඒ අතර  අද (3) පස්වරුවේ ඇය ගංජා තොගයක් ගෙන එන බවට ලද තොරතුරක් මත තිඹිරිගොල්ල ප්‍රදේශයේ සැඟව සිටි පොලිසියට ඇය සතුව ගංජා තිබියදී අත්අඩංගුවට ගත හැකිවු බව කියයි.

ඇය මෙම ගංජා එක් පැකට්ටුවක් රුපියල් 350කට අලෙවි කරන බවත්,  හෙට (4) ආනමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.