(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ ගාලේදී අද(16) නාඳුනන පුද්ගලයකු පානදුර මූලික රෝහලේ ගිලන් රථ රියැදුරකුට පහර දී ඇතැයි මරදාන පොලිසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලද ගිලන් රථ රියැදුරු ජාතික රෝහලේ අංක 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
හෘද රෝගියකු රැගෙන කොළඹ ජාතික රෝහලට පැමිණ තිබූ ගිලන් රථ රියැදුරු එම රෝගියා පරීක්ෂා කරමින් ජාතික රෝහලේ ගිලන් රථ සඳහා වෙන්කර ඇති රථගාලේ නවතා තිබියදී මෙසේ පහරකෑමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
රථගාලේ ගිලන් රථය නවතා එයින් බැස මදදුරක් යාමේදී ඔහුට කථා කර ඇති පුද්ගලයකු පරුෂ වචනයෙන් බැණ වැදී ගිලන් රථය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි. ගිලන් රථය මදක් ඉවත් කිරීමත් සමග වෑන් රථ රියැදුරු සිය රථය ගිලන් රථයේ ගැටීමට සලස්වා ඇත. පසුව එයින් බැස රියදුරුට පහර දී සිය වෑන් රථයේ නැගී පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ රියදුරෙකුට පහර දීලා