IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත

(ඩයනා උදයංගනී)

වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ධම්මික ප්‍රියන්ත මහතා කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබ සිටී.

ඔහු අද (23) නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළ ප්‍රියන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු සේවය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ධම්මික ප්‍රියන්ත මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.

ඔහු අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාධරයෙක්ද වෙයි.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර තක්සේරුකරුවකු යන සහතිකයද හිමිකරගෙන ඇති ධම්මික ප්‍රියන්ත මහතා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායමේ ජාත්‍යන්තර අගය කිරීම සහ තක්සේරුකරණය පිළිබඳ ජාත්‍යන්තර අගය කිරීම් තක්සේරු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

මූල්‍ය විමර්ශන පිළිබඳ වසර 10ක අත්දැකීම් ඇති නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත මහතා, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් අඳුරු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ ශ්‍රී ලංකාව ඉන් ඉවත් කරගැනීම සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා දූත පිරිසට එක්වෙමින් ඒ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

 

 



අදහස් (0)

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site