නාලක සංජීව දහනායක
ජී.පී.එස් තාක්‍ෂණය යොදා ගන්නා මෙරට ප්‍රථම කෘෂිකාර්මික ගම්මානය ලෙස හපුතලේ කහත්තෙවල ගම්මානය භූගෝලීය තොරතුරු පද්ධතියට (GPS) එක් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජී.පී.එස් තාක්‍ෂණය ලබාදීමට නාවික හමුදාව එකඟවී තිබේ. ඒ අනුව කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්‍ෂණය යොදාගන්නා මෙරට ප්‍රථම ගම්මානය බවට කහත්තෙවෙල ගම්මානයවේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කහත්තේවෙල ගම්මානයේ ගොවි පවුල් 208 සියලුම තොරතුරු මෙන්ම ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන පිළිබඳ තොරතුරු, ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පසෙහි රසායනික තත්ත්වය, පානීය ජලය හා ජල මූලාශ්‍ර පිළිබඳ තොරතුරු, දේශගුණික වෙනස්කම් ආදී සියලුම තොරතුරු මෙම භූගෝලීය තොරතුරු පද්දතියට ඇතුළත් කර තබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd