(සනත් ගමගේ)
අඹුසැමි යුවළක් වගා බිමේ අතහැර දමා තිබූ කෙසල් වගාව අතර රහසිගතව අක්කර කාලක පමණ ප්‍රමාණයක ගංජා වගාවක් සිදු කරමින් සිටියදී අම්බලන්තොට පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගංජා වගාව සිදු කළ අඹුසැමි යුවළ අත්අඩංගුවට ගනු ලැබීය.
අතහැර දමා තිබූ කෙසෙල් වගාව අතර ඉතා සරුවට වැඩී තිබූ ගංජා ගස් 220 ක් හා අලෙවි කිරීමට පදිංචි නිවසේ රහසිගතව සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝ 5 යි මිලිග්‍රෑම් 379 ක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර ස්වාමිපුරුෂයා සහ බිරිඳ දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් එවැනි වගාවක් කිසිවිටක සිදු නොකරන බවයි. එහෙත් එම උපායට නොරැවටුණූ පොලිස් නිළධාරීහු සිය බුද්ධි අංශයේ නිළධාරීන් ලබාදුන් තොරතුර මතම සිට වගා බිම දැඩි පරීක්ෂාවට ලක්කර බව පොලිසිය කියයි.
මෙසේ අතහැර දමා තිබූ කැළයෙන් යට වී ගිය කෙසෙල් වගාව සෝදිසි කිරීමේ දි ගංජා ගස් දැක ගැනීමට පොලිස් නිළධාරින්ට හැකි වීමෙන් පසු වගාව සිදු කළ අඹුසැමි යුවළ නිරුත්තර වූ බව ද පොලිසිය කියයි.
වේලන ලද ගංජා නිවසට ගෙනවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබු අතර වගාවද කැපිමට දින ආසන්න වී ඇති බව පොලිසිය පවසයි. සැකකාර ස්වාමිපුරුෂයා මීට පෙරද ගංජා වගාව සිදු කර පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබු අයෙකි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද (5) හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd