IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි

(රංජිත් රාජපක්ෂ)                        

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් පෙරැළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල  ලබා  ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
 
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබාදීමට  යාමේදී ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලීසිය කියයි.
 
අද (05) මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්‍රකන්ද කැල්ඩොනියා ප්‍රදේශයේදිය.
 
ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
 
තුවාල ලැබූ  රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.



අදහස් (0)

කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 444 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 413 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site