(නයිනමඩම චන්දන ප්‍රනාන්දු )
වෙන්නප්පුව උල්හිටියාව ප්‍රධාන මත්ස්‍ය වෙළඳ පොළේ සඟවාගෙන කැස්බෑ මස් අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු හා කැස්බැ මස් තොගයක් අද (02) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරක් මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම වෙළඳ පොළේ මාළු අලෙවි සැලක් පරික්ෂා කිරිමේදී අලෙවියට සූදානම් කර තිබු කැස්බැ මස් කිලෝ දොළොහමාරක ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි.
ග්‍රැම් 500 ක් බැගින් පැකට් කර තිබූ මෙම කැස්බැ මස් පැකට් එකක් රුපියල් 400 ක් බැගින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වූ බවද සඳහන්ය.
වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd