IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝවිලක් අසළ අනවසරෙන් මැණික් හෑරූ 7ක් අත්අඩංගුවට

(ඩබ්ලිව්.ඒ. අසේල)
 

ගලහ පොලිස් වසමේ බව්ලාන වත්ත ප්‍රදේශයේ කෝවිලක් අසළ ළිඳක් හාරන මුවාවෙන් අනවසරෙන් මැණික් ඉල්ලමක් හෑරූ පුද්ගලයින් හත්දෙනෙකු අද(11) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර කටුගස්තොට ප්‍රදේශය අවට පදිංචිකරුවන් වන අතර ඔවුන් දින ගණනාවක් තිස්සේ මෙම මැණික් ඉල්ලම  කැපීමේ කටයුත්ත කර ඇත.
 
සැකකරුවන් සමග ඉල්ලම් කූරු, අලංවංගු, උදලු, කුළුගෙඩි ආදි උපකරණද අත් අඩංගුවට ගෙන ඇත. 
 
ළිඳ කැපීමේ දී මතුවන ජලය බැසයාම සඳහා වෙනම කාණුවක්ද කපා ඇත.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කෝවිලක් අසළ අනවසරෙන් මැණික් හෑරූ 7ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site