(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලන්ඩ් කොටසේ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 15 ක් තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
අනෙක් පිරිස බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියදිපිටිය මහතා පැවසීය.
තේ දළු නෙලමින් සිටියදී තේ පඳුරක් යට බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පහර දුන් බව තුවාල ලබා රෝහල් කර සිටි කාන්තාවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd