IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොල්ල කල්ලියක දෙන්නෙක් වව්නියාවෙන් අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදි වල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් කොල්ල කල්ලියක ප‍්‍රධාන සාමාජිකයින් දෙදෙනකු  සොරකම් කළ භාණ්ඩ සමඟ අද (21) අත් අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

කාන්තා යතුරුපැදි වල අසුන යට තිබෙන කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් පිළිබඳ  වවුනියාව අපරාධ  විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිලි වලට අනුව සිදුකළ විශේෂ  විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුටගත් ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් කටාර් හි සේවයකොට ඇති අතර එහිදී යතුරු පැදි සම්බන්ධයෙන් ලබූ පුහුණුව මත තවත් කිහිපදෙනකු සම්බන්ධ කරගනිමින් කොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇතැයි  පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 14ක් , මුදලින් රුපියල් 30000ක් , කාන්තාවන්ගේ මුදල් පසුම්බි හා රියදුරු බලපත‍්‍ර ඇතුළු කොල්ලකෑම සඳහා භාවිතා කළ විශේෂිත වූ යතුරක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.

වවුනියාව නගරයට පැමිණ විවිධ ස්ථානයන්හි නවතා තිබෙන යතුරුපැදිවල අසුන් යට කැබිනය සැකකරුවන් විසින් විශේෂිතවූ යතුරක් භාවිතාකොට විවෘත කරන අතර එහිදී සොරාගන්නා ලද ජංගම දුරකථන විවිධ පුද්ගලයින් වෙත අලෙවිකර  ඇති බවද තොරතුරු අනාවරණය වී ඇත.

කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවටගැනීම විමර්ශන සිදුකරන අතර උත්සව සමයේ වවුනියාව නගරයට පැමිණෙන යතුරු පැදිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසද වවුනියාව පොලිසිය ඉල්ලා සිටිති.
සැකකරුවන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කොල්ල කල්ලියක දෙන්නෙක් වව්නියාවෙන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site