බිමල් ශ්‍යාමන් ජයසිංහ
කඩුවෙල නගරයේ රන් අබරණ වෙළඳසැලකට අද (4) ගිනි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්‍ෂ ගණනාවක රන් ආභරණ කොල්ලකා යතුරු පැදියකින් පලාගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
කොල්ලකෑ රන් ආභරණ අතර කරමාල, තැලි සහිත මාල හා අත්පළදනා ද වන බව පොලිසිය කියයි.
දහවල් 12.15 ට පමණ ආරක්‍ෂක හිස්වැසුම් පැළද යතුරුපැදියකින් පැමිණි මොවුන් රන් වෙළඳසැලේ විදුරු දොරෙන් ඇතුළු වී එහි දොර වසා විදුරු කබඩි වලට වෙඩි ප්‍රහාරයක් එල්ල කර එහි සේවකයින් බියවද්දා විකිණීමට තබා තිබු රන් අබරණ පෙටිටි පිටින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
විනාඩි පහකටත් අඩු කාලයක් මෙම කොල්ලය සදහා ගතවි ඇති අතර කොල්ලකන ලද රන් අබරණ පෙටිටි යතුරුපැදියේ මැද තබාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
සිදුකල වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූපය - බුද්ධික කුමාරසිරි
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලකරුවෝ අබරණ කොල්ල කා පලා යති