(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රීක්ක වලදී සිදුකරන ලද සෝදිසි පරික්ෂණ වලදී කේරල ගංජා කිලෝ 09 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තම බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මන්නාරම පේසාලේ උදයපුරම් ප්‍රදේශයේ දී නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂණයක දී සැකකරුවන් නොමැතිව ළිඳක් අසල සඟවා තිබූ කේරල ගංජා කිලෝ 5 ග්‍රෑම් 295 ක් තිබී සොයාගනු ලැබීය.
තවද කිලිනොච්චිය නගරයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නවතා සිදුකරන ලද පරික්ෂාවකදී කැබ් රථය තුළ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් තිබී සොයාගත් අතර කැබ් රථය පැදවූ සැකකරුවන් පලා ගොස් තිබේ.
කේරල ගංජා තොගය සමඟ කැබ් රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය සහ පේසාලෙයි පොලිස් ස්ථානයන් වෙතට භාරදීම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි