(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පරන්තන් ඉරාසයන්කුලම් වැවේ ඇළවේලි නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම වැව යටතේ වගාකළ කුඹුරු අක්කර 1800 කට පමණ ජලය ලබාගැනීමට නොහැකි වී ඇති බව කිලිනොච්චිය පරන්තන් ගොවි සංවිධානය කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයට පැමිණිලි කොට තිබේ.
පසුගිය වසරේ මෙම රාසනාලන්කුලම වැවේ ඇළවේලි සම්පූර්ණයෙන්ම් ප්‍රතිසංස්කරණය කළ බව පවසන ගොවි සංවිධාන නියෝජිතයෝ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමට පෙර පරන්තන් පළාතේ ගොවීන් සිය කුඹුරුවලට කිසිඳු අපහසුවකින් තොරව ජලය ලබගත් බව කියා සිටියහ.
නමුත් ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේදී කුඹුරු වලට ජලය ලබා ගැනීම සඳහා ඇනිකට්, දිය පැන්නුම් කිසිවක් ඉදි නොකොට හොරොව්වේ සිට ඊළග වැව දක්වා විශාල ඇළක් පමණක් ඉදිකොට තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති හෙයින් අදාල ඇළෙන් විවිධ උපක්‍රම යොදා ජලය ලබා ගැනීමට යාමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට පරන්තන් පළාතේ ගොවියෝ කියා සිටිති.
කෙසේ වෙතත් ගොවීන්ගේ අදාල ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන බවටද කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය විසින් ගොවීන්ට දැනුම් දි ඇතත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැත.



2025 දෙසැම්බර් මස 04
306
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිලිනොච්චියේ කුඹුරු අක්කර 1800කට ජලය නෑ