(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබූ බව කියන එක්දරු මවකගේ මළ සිරුරක් අද (12) හමුවූ බව අක්කරායන් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි ඒ. ජෙරාට් මේරි නැමති තැනැත්තියකි.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා ඊයේ රාත්‍රියේ රාජකාරිය වෙනුවෙන් වව්නියාව නගරයට ගොස් අද උදෑසන නැවත නිවසට පැමිණීමේදී සිය බිරිඳ ඝාතනය කර ඇති බව දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
ඝාතනය කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගත නොහැකි බව පොලීසිය පවසයි.
මිය ගිය මවගේ මළ සිරුර මේ වන විට කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය හා අක්කරායන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd