IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කේරළ ගංජා සමඟ මහියංගණ අධිකරණයේ ආරක්ෂ නිලධාරියෙක් අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)
    යාපනය සිට මහියංගණය දක්වා රුපියල් ලක්ෂ පහක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග‍්‍රෑම් 12 රැගෙනයමින් සිට මහියංගනය අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු හා තවත් අයකු අද (24) දහවල් අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.


                අත්අඩංගුවටගත් කේරළ ගංජා මහියංගණ විහාරයේ පෙරහැර පැවැත්වෙන  දිනයේ පැමිණෙන බැතිමතුන් හට අලෙවි කිරීමසඳහා රැගෙනයමින් තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව පොලිසිය පැවසීය.

                කේරළ ගංජා ජාවාරමක් පිළිබඳ වවුනියාව දුෂණ මර්දන අංශය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව යාපනය සිට කොළඹ දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනා සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.


                අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට විවිධ මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් බවත් ඔවුන් මීට ඉහත අවස්ථා ගණනාවකදී උතුරේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කේරළ ගංජා මහියංගනය වෙත රැගෙනගොස් ඇති බවද සඳහන් කළේය.


                පොලිසිය පැවසූයේ මහියංගණ අධිකරණ සංකීර්ණයේ සේවයේ නියතු සැකකරු පෞද්ගලික ආරක්ෂක අංශයකට අනුයුක්තව සේවය කරන බවයි.


                සැකකරුවන් දෙදෙනා මහියංගනය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 33ත් 29 අතර වයසේ පසුවන්නෝ වෙති.
                



අදහස් (0)

කේරළ ගංජා සමඟ මහියංගණ අධිකරණයේ ආරක්ෂ නිලධාරියෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site