(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කොළඹ සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බූස්ස මාර්ග බාධකයේදී අද (26) යුද හමුදාව පරික්ෂා කිරීමේදී එහි ගමන් ගත් මගියකුගේ ගමන් බෑගයක පතුලේ සඟවාගෙන තිබියදී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 320ක් අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 26 හැවිරිදි අයෙකු බවත් ඔහු රාගම මත්තුමගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පවසයි.
සැකකරු හෙට (27) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රත්ගම පොලිසිය පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd