
(ඩී.ජී.සුගතපාල)
කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ගාල්ල නගරයේදී අද (09) අත්අඩංගුවට ගත්බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි එච්.පි.ඩී.හේවාපතිරණ මහතා පැවසීය.
ගාල්ල පොලිසිය ඉදිරිපිට ඉන්ධන පිරවුම්හල පිටුපසදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කලමුල්ල , වඳුරඹ සහ මාපලගම පදිංචිකරුවන් තිදෙනෙකි.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව සැකකරුවන් සමඟ ගංජා තොගය අත්අඩංගුවට ගෙනඇති අතර පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැරීම සැකකරුවන් විසින් කාලයක සිට සිදුකර ඇති බවය.
සැකකරුවන් ගාල්ල සුරාබදු ස්ථානය වෙත බාරදී ඇති බවත් හෙට (10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd