IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කුරුණෑගල නගර සභාවෙන් විෂබීජහරණ කුටි පරිත්‍යාගයක්

( පුෂ්පකුමාර ජයරත්න )

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට පුද්ගලයන් විෂබීජහරණය කිරීම සඳහා නිර්මාණය කළ විෂබීජ හරණ කුටි දෙකක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මෙහෙයවීමෙන් අද කුරුණෑගල මූලස්ථාන පොලීසියට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරිණි.

නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මහතාගේ ඉල්ලීමකට අනුව දොඩම්ගස්ලන්ද , පොල්ගහවෙල සහ ඉබ්බාගමුව පදිංචි  චන්දිම වීරසිංහ , දර්ශන තෙවරප්පෙරුම සහ සංඛ සචිත් යන තරුණයන් තිදෙනා එක්ව මෙම විෂබීජ හරණ කුටි නිර්මාණය කර තිබේ .

මෙම එක් විෂබීජහරණ කුටියක් නිපදවීම සඳහා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් වැයවී තිබෙන අතර නගරාධිපති විතාරණ මහතා ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර දී තිබේ .

කුරුණෑගල මූලස්ථාන පොලීසිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල නිරන්තරයෙන්ම දිනපතා විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක් වන අතර එහි සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් මෙම කුටි නිපදවා පරිත්‍යාග කිරීමට අදහස් කළ බව නගරාධිපති විතාරණ මහතා පැවසීය .

මෙවැනිම කුටියක් කුරුණෑගල නගර සභාවේද ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය .

කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත විෂබීජ හරණ කුටිය පරිත්‍යාග කළ අවස්ථාවට වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සමග කුරුණෑගල මහා නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මෙන්ම  විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ  නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගි වූහ .



අදහස් (0)

කුරුණෑගල නගර සභාවෙන් විෂබීජහරණ කුටි පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site