IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුරුණෑගල කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අප්‍රසාදය පළ කළහ.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මාධ්‍යවේදීන් හට තහනම් කළ ප්‍රථම අවස්ථාව මෙය විය. මීට පෙර පවත්වන ලද සෑම කමිටු රැස්වීමක් සඳහාම සහභාගී වන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍යවේදීන්ට ලිඛිතව සහ දුරකථන ඇමතුම් මඟින් ආරාධනා කරනු ලැබීය.

නමුත් මෙවර නව රජයක් පත් වීමෙන් පසුව පවත්වන ලද ප්‍රථම සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කරන කුරුණෑගල මාධ්‍යවේදීන් මෙම තහනම ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහුරා දැමීමක් වන බව චෝදනා කරති.

දිවයිනේ වෙනත් දිස්ත්‍රික්කවල පවත්වන ලද ප්‍රථම  සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගී කරගෙන තිබූ අතර කුරුණෑගල මාධ්‍යවේදීන්ට මෙවැනි තහනමක් පැනවීම ගැටළුවක් බවද මාධ්‍යවේදීන් ප්‍රකාශ කළහ.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ වයඹ නව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ද සහභාගී වූහ.

ප්‍රථම කමිටු රැස්වීමට මාධ්‍යවේදීන් සහභාගී කර නොගන්නා ලෙසට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා විසින් දන්වා සිටි බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති අංශයේ නිලධාරිනියක සඳහන් කළාය.

 



අදහස් (0)

කුරුණෑගල කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site