රොමේෂ් මධුෂංඛ
වව්නියාව දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගම්වැදුණු කිඹුලෙකු සහ පැටවුන් දෙදෙනෙකු වව්නියාව කුරුඳුපිටිය ගම්මානයේ වගා ළිඳකට වැටී සිටියදී ගොඩට ගෙන අද (9) මුදාහැරීමට වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
කිඹුලා සහ පැටවුන් දෙදෙනා ළිඳට වැටීමෙන් පසුව ළිඳ පිහිටි ඉඩම් හිමියා විසින් කිඹුලන් දැක ඒ බව වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසුව ඊයේ (08) සවස වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගම්වාසීන්ගේ ද සහය ඇතිව කිඹුලන් ගොඩට ගැනීමට පියවර ගනු ලැබීය.
ගොඩට ගත් කිඹුල් පැටවුන් අඩි 3 ක් පමණ දිගින් යුක්ත වන අතර අනෙක් කිඹුලා අඩි 7 ක පමණ දිගින් යුක්ත වන අතරම කිඹුලා සහ පැටවුන් මඩු රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයකට අද (9) මුදා හැරීමට වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd