(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයෙන් කපා ඉරන ලද රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුතු කුඹුක් ලෑලි තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබියදී මැදිරිගිරිය පොලිසිය විසින් සැකකරුත් සමග ලෑලි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
කුඹුක් ලෑලි ජාවාරමෙහි නිරත වූ සැකකරු මැදිරිගිරිය යාය 7 අක්කරබාගය ප්‍රෙද්ශයේ පදිංචි විවාහක එක්දරු පියෙකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු පසුගිය 09 වන දින සෝමාවතිය ජාතික වනෝද්‍යානයෙන් මෙම කුඹුක් ගස් තොගය කපා ලෑලි වශයෙන් රැගෙවිත් තම නිවෙස පිටිපස සගවා තිබියදී මැදිරිගිරිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සැකකරු සහ ලෑලි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මෙම ලෑලි තොගය කොළඹ ප්‍රෙද්ශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට සිටි බවත්. ඒවා සුපෝකභෝගී නිවෙස්වල බිම ඇතිරීම සඳහා අවශ්‍ය ආකාරයට ලෑලි වශයෙන් සකස් කර ඇති බවට පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන 14 වන දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුක් ගස් කපනවා. අල්ලනවා. ඒ වුනාට ලොකු ලොකු මිනිස්සු මේ තහනම් කුඹුක් ලෑලිම හොයනවා. මොකක්ද මේකේ තේරුම.