ඩබ්.ඒ. පියතිලක
මැදිරිගිරියේ සිට කොළඹ ප‍්‍රදේශයට දහයියා රැගෙන යන මුවාවෙන් කරගෙන ගිය කුඹුක් සහ කළුවර ජාවාරමක් අද (17) අලුයම මැදිරිගිරිය පොලිසිය විසින් වටලනු ලැබීය.
ලොරි රථයක් හා දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිස්ථානාධිපති වසන්ත පිටිගල මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම දැව තොගය මැදිරිගිරියේ ඇටඹඔය ප‍්‍රදේශයේ සිට කොළඹ කදාන ප‍්‍රදේශයට රැගෙන යන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේ දී අනාවරණය විය.


COMMENTS
මෙවන් ක්‍රියා සදහා දායක වන අයවලුන්ට දඩ නොගසා අවම වශයෙන් වසර 15 වත් අනිවාර්ය සිර දඩුවම් ලබා දෙන්න. තවද ප්‍රවාහනය සදහා යොදා ගන්නා සියලුම යන්ත්‍රෝපකරණ හා වාහන අනිවර්යෙන්ම රාජසන්තක කරන්න නැතිව මේ නිලදාරීන්ගේ වෙහෙස කිසිම පලයක් වෙන්නේ නැහැ අපි පොලිසියට බනිනවා නමුත් මුදලට හා බලයට යටත්ව වැරැදී කරුවන් නිදහස් වෙනවා ජනපතිවරයා පරිසර ඇමති ලෙස මෙවන් දේ ගැන වැඩියෙන් අවධානය යොමු කල යුතුයි.