(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම, වලව්වත්තේ කැබ් රථයක ගැටීමෙන් අද(23) දෙදරු මවක මියගොස්, දියණියක තුවාල ලබා ඇතැයි මීරිගම පොලිසියේ රථවාහන අංශය කියයි.
මියගොස් ඇත්තේ පොල්ගහවෙල පොලිස් වසමේ නුංගමුව, දෙමටගෙදර යටිගල්ඔළුව පදිංචිව සිටි එච්.පී. හේමමාලි 55 නැමැත්තියකි.
කාන්තාව කැබ් රියේ ගැටී මාර්ගයේ වම් පස පිහිටි තාප්පයක හා එම රියේ බඳෙහි සිරවීමෙන් බරපතල තුවාල ලබා ඇති බවත්, මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් හෙළි වී ඇත.
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මීරිගම පොලිසිය රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd