IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කැබ් - ත්‍රිරෝද අනතුරින් දියණියක් මරුට

( කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය ප්‍රදේශයේ දී 04 දින පස්වරුවේ  කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී   වයස අවුරුදු එකහමාරක දියණියක්  මියගොස්  ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ මවත් පියාත් වයස අවුරුදු හතරහමාරක  පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දඹුල්ල  දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ බකමූණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

කැබ් රථ රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූයේ යැයි දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක්  වූ  දිල්මි සවින්ද්‍යා  සඳදිනි    නැමැති කුඩා දියණිය වන අතර බරපතළ තත්වයේ පසුවන්නේ මෙම පවුලේ වැඩිමහල් දරුවෙකු වූ වයස අවුරුදු 4ක් වූ ඕෂධ විභාත් පෙරේරා බවත් තුවාල ලබා ඇත්තේ එම දරුවන් දෙදෙනාගේ මව එල්.ආර්.එම්. දමයන්ති (32) පියා එච්. ඒ. කෙනඩි ක්ලැරන්ස්  පෙරේරා (32) යන අය ය.

මෙම පිරිස මැල්සිරිපුර පන්ලියැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

දියතලාවේ ප්‍රදේශයේ පදිංචිව සිටින බිරිඳගේ ඥාති නිවසක සිට නැවත මැල්සිරිපුර සිය නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.



අදහස් (0)

කැබ් - ත්‍රිරෝද අනතුරින් දියණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 461 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site