IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කබල්ලෑ-වල් ඌරු -ගෝන මස් විකුණා දඩකති

(ක.ග.කරුණාරත්න)

හිඟුරක්ගොඩ හෝටලයක කබල්ලෑ මස්, ගෝන මස් , මුව මස් සහ වල් ඌරු මස්  අලෙවි කළ තිදෙනෙකුට දඩ නියම කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා අද (30) නියෝග කළේය.

අදාල චෝදනා වලට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 45,000 ක දඩයක් මොවුන්ට ගෙවන ලෙස නියෝග කෙරිණි.

මෙසේ දඩ නියම වූයේ ගම්පහ,ලෝලුවාගොඩ,කැමිලස් වත්ත ප්‍රදේශයේ පදිංචි  ආර්.එම්.ප‍්‍රභාත් මලීන් රාජකරුණා,මැදිරිගිරිය,දිග්ගල්පුරයාය  පදිංචි ඩබ්ලිව්.ජී.අරවින්ද පුෂ්පකුමාර සහ මින්නේරියේ පදිංචි ජී.එම්.ගයාන් මධුශංඛ යන තිදෙනාටය.

කබැල්ලා මස් , ගෝන මස් , මුව මස් සහ වල් ඌරු මස්  සන්තකයේ  තබා ගැනීම සහ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 07 කට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් පසු මහේස්ත‍්‍රාත්වරයා ඉහත දඩ මුදල නියම කරනු ලැබීය.

පොලොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ඩි.එම්.ජේ.වික‍්‍රමසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

හෝටලයේ අධිශීතකරණයක් තුළ එම සතුන්ගේ මස් අසුරා තිබියදී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

 



අදහස් (1)

කබල්ලෑ-වල් ඌරු -ගෝන මස් විකුණා දඩකති

upali Tuesday, 31 December 2019 03:07 AM

වල් උරුමස් විකිණීමේ තහනම ඉවත් කර නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site