(රොමේෂ් මධුෂංඛ)
කැබිතිගොල්ලෑව කුංචුට්ටුව කෝරලේ ප්‍රදේශයේ මෙවර මහකන්නයේ ගොවිතැන් කරන ලද ගොවීන්ගේ කුඹුරු අක්කර 3,000 කට අධික ප්‍රමාණයක් ප්‍රමාණවත් ජලය හා පොහොර නොමැතිව විනාශ වී ඇති බවට ගොවියෝ කියති.
වී අස්වැන්න විනාශ වී යාමත් සමඟ එලඹෙන අවුරුදු සමය හේතුවෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව මෙම ගොවීහු දැඩි සේ අසරණව සිටින අතරම එම ගොවීහු කියා සිටින්නේ විනාශ වී ගිය තමන්ගේ කුඹුරු වෙනුවෙන් ලබාදෙන රක්ෂණ මුදල එලඹෙන සිංහල අවුරුදු සමයට පෙර ලබා දීමට රජය පියවර ගත යුතු බවටයි.
විනාශ වී ගිය කුඹුරු වෙනුවෙන් රක්ෂණ මුදල් ලබා දෙන බවට ගොවි ජනසේවා නිලධාරීන් විසින් තොරතුරු රැගෙන ගියද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීමෙන් කැබිතිගොල්ලෑවේ ගොවීහු අමතක කොට ඇති බවටද එම ගොවීහු කියා සිටිති.
මෙවර මහකන්නයේ ගොවීහු ගොවිතැන් කරන ලද කඹුරු වෙනුවෙන් ප්‍රමාණවත් ඇල වේලී පිළිසකර නොකිරීම ඇල වේලී විධිමත්ව නොතිබීම හේතුවෙන් ජලය විශාල වශයෙන් අපතේ යාම මෙන්ම නිසි කලට වර්ෂාව නොලැබීමෙන් ගොයම් විනාශ වී යාම එක් හේතුවක් වශයෙන් කුංචුට්ටුව කෝරලේ ගොවීහු පෙන්වා දෙති.


2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැබිතිගොල්ලෑවේ කුඹූරු අක්කර 3000ක් විනාශයි