(කුෂාන් ජයවර්ධන)
හබරණ පුවක්පිටිය ප‍්‍රදේශයේ දී විදුලි සැර වද්දවා කෙනෙරක ඝාතනය කළ බව කියන සැකකරුවකු ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (2) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ පුවක්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වෘත්තියෙන් ධීවර කාර්මිකයෙකි. විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති කෙනෙර අවුරුදු 15-20ත් අතර වයසක පසුවන උස අඩි හතහමාරක් පමණ වේ.
සැකකරු කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd